Fashion

පිස්සු වට්ටන ඇස්

විලාසිතා එහෙම නැත්නම් fashion කියලා කියන්නේ මේ වෙද්දි තරුණ පරපුර අතර කියන ලොකුම trend එකක්. කොටින්ම කිවුවොත් ඒක මේ වෙනකොට කෙල්ලො කොල්ලො අතර පිස්සුවක් වෙලා. තාරුණ්‍යය සහ විලාසිතා එහෙම නැත්නම් තේරෙන භාෂාවෙන් කිවුවොත් youth සහ fashion මේ වෙද්දි එකම සමීකරණයක දෙපැත්තක් වෙලා. කොහොම වුණත් අද වෙද්දි අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔළුවේ තියන කොණ්ඩ ගහක කෙළවරක ඉඳලා කකුලේ චූටි ඇඟිල්ලේ නියපොත්ත වෙනකම් විලාසිතාවලට ලක්වෙලා තියනවා. කොටින්ම කිවුවොත් පංචස්කන්ධයම දැන් විලාසිතාගාරයක්.

අහලා තියනවා නේද කතාවක් තියනවා හිතේ තියන දේ ඇස්වලින් කියවෙනවා කියලා. ඉස්සර කාලේ කෙල්ලගේ හිතේ තමන් ගැන ආදරයක් තියනවද කියලා තේරුම් ගන්න කොල්ලට කෙල්ලගේ ඇස් දිහා බැලුවම පුළුවන්ලු. කොල්ලනේ…. මතක තියාගනිල්ලා ඒ ඉස්සර, දැන් කෙල්ලෙක්ගේ ඇස් දිහා බලලා එක පාරටම හිත කියවන්න කලින් බලලා ඉන්න වෙයි උඹ දැක්කේ ඒ කෙල්ලගේ ඇත්තම ඇස් දෙකද කියලා. සමහර විට ඒ කෙල්ල උඹව මුලාවට පත් කරන විදියේ ලස්සන contact lenses එහෙම නැත්නම් සිංහලෙන් කියන අර සිවි කාච පැළඳලා ඉන්නවා වෙන්න පුළුවන්. දැන් මේක කියවන කෙල්ලෝ අර ‘ඒ කෙල්ල’ කියන තැන්වලට ‘ඒ කොල්ලා’ කියලා වචනේ ආදේශ කරගෙන කියවන එක තමා වඩා හොඳ.

contact lenses එහෙමත් නැත්නම් සිවි කාච මේ වෙද්දි තාරුණ්‍යයේ කැපීපෙනෙන විලාසිතාවක් වගේම සාමාන්‍ය දෙයක් වෙලා. ඉස්සර TV එකේ මූණ පේන අයට විතරක් සීමාවෙලා තිබුණ මේ contact lenses මේ වෙද්දී, වයසක් තරාතිරමක් නොබලම හිතේ හැටියට ව්‍යාප්ත වෙන්න පටන් අරන්.

ආසියානු රටක් වුණු අපේ ලංකාවේ උන් තමන්ගේ හමේ පාටට ගැලපෙන්න හුඟක් වෙලාවට නිල්, දුඹුරු, කොළ කියන පාටවල contact lenses අඩු වැඩි වශයෙන් පාවිච්චි කරනවා අපි දැකලා තියනවා. තව තව පාට ගොඩාක් තිබුණත් ලංකාවෙ අයට ගොඩක්ම ගැලපෙන්නේ අර පාටවල් කියලා තමයි පාවිච්චි කරන අය කියන්නේ. ඒවා අතර වෛරම් වැටුණ ඒවා, වෛරම් වැටුණෙ නැති ඒවා, තනි පාට ඒවා වගේ තියනවා. අද වෙනකොට මේ විලාසිතාව කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් වැළඳගෙන තියන අවස්ථා අපි දකිනවනේ.

මේ contact lenses තමන් කැමති පාටවලින් වගේම තමන්ගේ අතේ තියන ගාණට ගැලපෙන්න තෝරගන්නත් අවස්ථාව තියනවා. හැබැයි ඉතින් මෙහෙමයි. contact lenses හරි විදියට පාවිච්චි නොකළොත් බොහොම බරපතල තත්ත්වන්ට මූණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඇස් එක්ක ඕනවට වඩා සෙල්ලම් කරන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයිනේ. ඒ නිසා දැනටමත් contact lenses දාන, දාන්න ආසාවෙන් ඉන්න හැමෝටම අපි කියන්නේ එක දෙයයි. contact lenses දාන්න කලින් තමන්ගේ ඇස් පරීක්‍ෂා කරලා වෛද්‍ය උපදෙස් අනුව ඒවා තෝරබේර ගන්න පරිස්සම් වෙන එක කාගේ කාගෙත් ශරීර සෞඛ්‍යයට හොඳ වෙයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + two =

සබැඳි ලිපි

Back to top button
Close